Tuesday, March 13, 2012

කළුබෝවිල නොමේරු ළදරු ඒකකය මේ සතියේ යළි විවෘත කරනවා රෝහල් අධ්‍යක්‌ෂ කියයි

ඒමන්ති මාරඹේ

බැක්‌ටීරියාවක්‌ පැතිර යැම හේතුවෙන් දින හතරක පමණ සිට තාවකාලිකව වසා දමා ඇති කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ එම බැක්‌ටීරියාව පැතිර යැම මේ වන විට පාලනය කර ඇති අතර මෙම සතිය තුළදී එම ඒකකය නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව කළුබෝවිල රෝහලේ අධ්‍යක්‌ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඊයේ (12 දා) "දිවයින"ට පැවැසීය.

කළුබෝවිල නොමේරු ළදරු ඒකකය තුළ පැතිර ගොස්‌ ඇති බැක්‌ටීරියාව කුමක්‌දැයි යන්න පිළිබඳ හා එය පැතිර යැමට මුල් වූ හේතූන් පිළිබඳ රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්‌ඩායමක්‌ විසින් දැනට පරීක්‌ෂණ පවත්වමින් සිටින බව කී වෛද්‍ය ජාසිංහ මේ වන විට අදාළ ළදරු ඒකකයේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අවධාරණය කළේය.

බැක්‌ටීරියාවක්‌ පැතිර යන බව අනාවරණය වූ පසු නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සියලු ළදරුවන් ඒකකයෙන් මුදා හැරිය බවද හෙතෙම සඳහන් කළේය.

Divaina 2012.03.13

No comments:

Post a Comment