Wednesday, May 16, 2012

රාජ්‍ය ආයතනවල වංචා දූෂණවලට වෘත්තීය සමිති නායකයෝත් හවුල්



අජිත් අලහකෝන්

රාජ්‍ය ආයතනවල රුපියල් කෝටි ගණන් වටිනා වංචා සහ දූෂණ සිදුවන්නේ ඇතැම් වෘත්තීය සමිති නායකයන්ගේද එකඟත්වය ඇතිව බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති, ඇමැති ඩිව් ගුණසේකර මහතා "දිවයින"ට පැවැසුවේය. රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් බොහෝ දෙනෙකු වෘත්තීය සමිති නායකයන්ට මෝටර් රථ ඇතුළු විවිධ වරප්‍රසාද ලබාදී ඇතිබවට තොරතුරු අනාවරණය වී ඇතැයිද ඩිව් ගුණසේකර මහතා කීවේය.

සමහර රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඇමැති මණ්‌ඩලයේ හෝ භාණ්‌ඩාගාරයේද අනුමැතියකින් තොරව විවිධ වරප්‍රසාද භුක්‌ති විඳින අතර එම වරප්‍රසාද වෘත්තීය සමිති නායකයන්ටද බෙදී යන බව කී ඇමැතිවරයා මේ නිසා දූෂණ වංචා හමුවේ වෘත්තිය සමිතිද නිහඬ පිළිවෙතක්‌ අනුගමනය කරන බව කීවේය.

රාජ්‍ය ආයතනවල සිදුවන දූෂණ සහ වංචා පිළිබඳව සාමාන්‍යයෙන් මාධ්‍යයන් වෙත කරුණු හෙළි කරනුයේ වෘත්තීය සමිති විසින් බව කී ඇමැති ඩිව් ගුණසේකර මහතා අද ජනමාධ්‍ය ඔස්‌සේ වංචා සහ දූෂණ පිළිබඳ කරුණු අනාවරණය නොවන්නේ වෘත්තීය සමිති නායකයන්ද මෙම වංචා සහ දූෂණවලට හවුල් නිසා යෑයි කීය.

Divaina 2012.05.07

No comments:

Post a Comment