Wednesday, May 16, 2012

වෙද හෙද නොසැළකිල්ලෙන් මව්පිය යුවළක නෙත් තෙත් වෙයි

2012-05-07
[ශකිලා දිසානායක]

ගම්පහ මහ රෝහලේ සිදුවූ මළ දරු උපතකට හේතුව වෛද්‍යවරුන්ගේ සහ හෙද කාර්ය මණ්ඩලයේ නොසැළකිල්ල බවට චෝදනා නැගෙනවා. එලෙස චෝදනා නගන්නේ වේයන්ගොඩ නිල්දියලන්ද වත්තේ පදිංචි අනුර කුමාර වීරරත්න සහ ප‍්‍රියාණී අනුරුද්ධිකා යුවලයි. ගර්භණීව සිටි ප‍්‍රියාණී අනුරුද්ධිකා මහත්මියට දරු ප‍්‍රසූතිය සදහා රෝහල්ගත වන්නැයි ඉකුත් මස 27 වනදාට දින ලබාදී තිබුණා. අනුව, එදින ඇය රෝහල් ගත කෙරුණත් වෛද්‍යවරුන් හෝ හෙද කාර්ය මණ්ඩලය ප‍්‍රමාණවත් උනන්දුවකින් ඇයට සත්කාර නොකළ බවයි අනුර කුමාර වීරරත්න මහතා පවසන්නේ.

මව් කුසෙහි සිටි දරුවා මියයාමට හේතුව ද පවා නිවැරදිව නොදැක්වූ බව ද ප‍්‍රකාශ කෙරුණා.

සිදුවූ අතපසු වීම ප‍්‍රසිද්ධියට පත්වීම වළක්වා ගැනීම සඳහාද ඇතැම් උත්සාහයන් ගැනුණු බව අනුර කුමාර වීරරත්න මහතා පවසනවා. මව රෝහලෙන් පිට කිරීමේදී ඉදිරි පරීක්ෂණ සිදු කරවා නොගන්නා බවට ලිපියකට අත්සනක්ද ගත් බවයි ප‍්‍රකාශ කෙරුණේ.

මෙම අනාවරණයෙන් පෙනී යන්නේ සිදුවූ මළ දරු උපත සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. වරදක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තන්ට නිසි දඬුවම් පැමිණ වීමෙන් එවැනි වැරදි යළි යළිත් සිදුවීම වළක්වාලිය යුතු වනවා.

nethfm.com

No comments:

Post a Comment