Thursday, May 17, 2012

ජාත්‍යන්තර හෙද දිනය අද ජාතික උත්සවය 14 දා අරලියගහ මැදුරේ දී

අජිත් අලහකෝන්

ජාත්‍යන්තර හෙද දිනය අදට (12 වැනිදාට) යෙදී ඇත. හෙද සේවාවේ නිර්මාතෘවරිය වන µaලෝරන්ස්‌ නයිටිංගේල් ගේ ජන්ම දිනයද අද වන අතර ඊට සමගාමීව සෑම වසරකම මැයි 12 වැනිදා ජාත්‍යන්තර හෙද දිනය ලෙස නම්කර තිබේ.

ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (14 දා) පෙරවරු 9.00 ට අරලියගහ මැදුරේ දී පැවැත්වේ.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ජාත්‍යන්තර හෙද දිනය සැමරීමේ ජාතික උත්සවය සංවිධානය කරනු ලබන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියන්ගේ සභාපතිත්වයෙන් යුත් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමය විසිනි.

හෙද හෙදියන් පන්දහසකට අධික පිරිසක්‌ සහභාගි වන මෙම සැමරුම් උළෙලේ මෙවර තේමාව වී තිබෙන්නේ "පර්යේෂණ තුළින් ඔප්නැංවුණ ගුණාත්මක හෙද සේවාවකින් පරතරය පියවමු" යන්න බව මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ "දිවයින"ට පැවසූහ.

මෙම තේමාව අනුව යමින් රාජ්‍ය සේවා එක්‌සත් හෙද සංගමයද ධනාත්මක චින්තනය තුළින් ගුණාත්මක හෙද පරපුරක්‌ බිහිකරලීමේ සංකල්පය තුළ සමස්‌ත හෙද කාර්ය මණ්‌ඩලය දැනුවත් කරලීමේ වැඩසටහන සැලසුම් කර ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

මීට අමතරව ජාත්‍යන්තර හෙද දිනය නිමිත්තෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයද අද (12 දා) පෙරවරු 10.00 ට කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ දී සැමරුම් උත්සවයක්‌ පවත්වයි. සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති ප්‍රමුඛ පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උළෙලේ සමරු දේශනය විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප්‍රමුදිතා මාධවී මහත්මිය විසින් සිදු කරනු ලබයි. මෙහිදී රචනා, පෝස්‌ටර් තරග ජයග්‍රාහකයන්ට පදක්‌කම් පිරිනැමීම, සත්කාර සඟරාව එළිදැක්‌වීම, නයිටිංගේල් උපහාර ගීතය සහ හෙද දින ගී ප්‍රසංගයක්‌ද පැවැත්වෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා "දිවයින" ට කීවේය.

http://www.divaina.com/2012/05/12/news07.html

No comments:

Post a Comment