Thursday, May 3, 2012

නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ ප්‍රමාදයෙන් ජාතික ඖෂධ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා

ඒමන්ති මාරඹේ

නීතිමය තත්ත්වය විමසීම සඳහා නීති කෙටුම්පත් දෙපාර්ත-මේන්තුව වෙත ඉදිරිපත් කර ඇති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලැබුණු පසු එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය.

ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම මෙතෙක්‌ ප්‍රමාද වූයේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවනු ලැබූ එම ප්‍රතිපත්තිය මෙතෙක්‌ නොලැබීම බව ඇමැතිවරයා කීවේය.

බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ඊයේ (02 දා) පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසික ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක බව පසුගිය වසරවලදී වැඩිදියුණු කිරීම හේතුවෙන් මෑතකදී සිට ඩෙංගු රෝගය නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩුවී ඇතැයි සඳහන් කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාව අමතා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්‍ෂක වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ශාන්ති ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද කථා කළහ.

Divaina 2012.05.03

No comments:

Post a Comment