Monday, May 7, 2012

වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනයට එරෙහිව ජගත් කම්කරු සම්මේලනයට පැමිණිල්ලක්

2012 මැයි 05 වෙනි සෙනසුරාදා, 17:46
ශ්‍රියානි විජේසිංහ

වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා රජය අධිකරණ ක්‍රියා මාර්ග යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් ජාත්‍යන්තර කම්කරු සංවිධානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිති මහා සම්මේලනය තීරණය කර ඇත. රජය ගෙන යන මෙම මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අධිකරණ හා කම්කරු ඇමැතිවරුන්-ගෙන් ලිඛිත ඉල්ලීම් කළද එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බව සම්මේලනයේ ‍ලේකම් සමන් රත්නප්‍රිය සඳහන් කරයි.

වෘත්තීය සමිතියක් විසින් ඇති කරනු ලබන කාර්මික ආරවුලකට එරෙහිව සිවිල් උසාවියක නඩු පැවැරිය නොහැකි බව 1935 පාර්ලිමේ-න්තුවේදී සම්මත වූ වෘත්තීය සමිති ආඥා පනතෙහි පැහැදිලිව දක්වා ඇති බවත් එම පනතේ 21 වන වගන්තිය අනුව යම් අයෙකු එවැනි නඩුවක් පැවැරුවහොත් කිසිම උසාවියක් එය භාර නොගත යුතු බවත් සඳහන් කර ඇතැයි රත්නප්‍රිය වැඩි දුරටත් කීය.

ටෙලිකොම් වෘත්තීය සමිති එකතුව රජයේ වෛද්‍ය නිලධාරී-න්ගේ සංගමය, වාණිජ හා කාර්-මික සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, පරිසර වෘත්තීය සමිති ඒකාබද්ධ බල මණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජන උසාවි නියෝග මත තහනම් කිරීම මගින් වෘත්තීය සමිති නිදහස බරපතළ ලෙස සීමා කර ඇතැයි වෘත්තීය සමිති මහා සම්මේලනය අවධාරණය කර සිටියි.

lakbima.lk

No comments:

Post a Comment