Monday, May 21, 2012

විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හෘද රෝගී දරුවන්ට වෙනස්කම්

2012 මැයි 20 වෙනි ඉරිදා, 00:11

ශ්‍රියානි විජේසිංහ

කරාපිටිය රෝහ‍ලේ ඇතැම් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් හදවත් සැත්කම් කිරීමට ‍පොරොත්තු ‍ලේඛනයේ ලියාපදිංචි වී සිටින දරුවන්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමග එම දරුවන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. පපු ප්‍රදේශය විවෘත නොකර කැතීටරයක් ආධාරයෙන් හෘදයේ සිදුරු වැසීම සඳහා සිටි ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයාට වාට්ටුවක් නොමැති වීමෙන් මෙම බරපතළ ප්‍රශ්නය පැන නැගී ඇත. හෘදයේ සිදුරු වැසීමේ ශල්‍යකර්මයට ලක් කිරීමට ප්‍රථම එම දරුවන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වාට්ටුවකට ඇතුළත් කළ යුතුය.
එහෙත් කරාපිටිය රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වාට්ටු දෙකම එම දරුවන් ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ. ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට රෝහ‍ලේ මහාචාර්ය ඒකකයේ ළමා වාට්ටුවේ වෛද්‍යවරුන් ඉදිරිපත් වී දරුවා තම ඒකකයේ වාට්ටුවකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී ඇත. මේ අනුව කරාපිටිය රෝහ‍ලේ ඉතිහාසයේ මුල් වරට කකුලෙන්් කැතීටරයක් හෘදයට යවා එහි තිබෙන සිදුරක් වසා දැමීමේ සැත්කමක් ළමා හෘද රෝග විශේෂඥ වෛද්‍ය මංගල ප්‍රේමතිලක සිදුකර ඇත.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3935:2012-05-19-16-12-15&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment