Wednesday, May 16, 2012

වැටුප් ගැටලුවලට කඩිනම් විසඳුම් නැතිනම් වැඩ වැරුමක්‌ දියත් කරන බව දන්ත වෛද්‍යවරු කියති

ඒමන්ති මාරඹේ

වෛද්‍ය සේවයෙහි වැටුප් හා දීමනා ගැටලු විසඳීම සම්බන්ධයෙන් රජය කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරි දින කිහිපය ඇතුළත දීපව්‍යාප්ත වැඩවර්ජනයක්‌ දියත් කරන බව රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මෙහිදී සිය ඉල්ලීම් මුල්කරගෙන වෛද්‍ය සේවය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට ඇද දැමීමේ හා ඒ නිසා ඇතිවන සියලු ප්‍රතිවිපාකයන් සම්බන්ධ වගකීම බලධාරීන් විසින් භාර ගත යුතු බව එම සංගමය කියයි.

වෛද්‍ය සේවයෙහි පවතින වැටුප් හා දීමනාවන්, පවතින ජීවන වියදම, උසුලන වගකීම හා කාර්යභාරය මත සංශෝධනය විය යුතු බවත් මේ පිළිබඳව වසර ගණනාවක සිට තම සංගමය ඇතුළු සහෝදර වෘත්තීය සමිති විසින් රජයට පෙන්වා දුන්නද එය සිදු කිරීමේදී බලධාරීන් නිද්‍රdශීලී හා අත්තනෝමතික පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටින බව දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි.

http://www.divaina.com/2012/05/16/news18.html

No comments:

Post a Comment