Monday, May 21, 2012

2015දී ඩෙංගු රෝගයට අලුත් එන්නතක්

2012 මැයි 20 වෙනි ඉරිදා, 00:08

ශ්‍රියානි විජේසිංහ

ඩෙංගු මර්දනය සඳහා වසර 2015දී නව එන්නතක් හඳුන්වා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.
ඩෙංගු වෛරසයට ඔරොත්තු දිය හැකි ප්‍රතිශක්තිකරණ එන්නතක් ලෙස මෙය ක්‍රියා කරනු ඇත. මෙම එන්නත භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබි තිබුණද මේ වන විට වසංගත රෝග විද්‍යා අංශය මගින් එය වැඩිදුර පරීක්ෂණයන්ට ලක් කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම එන්නත ඩෙංගු වෛරසයේ විවිධ ඛාණ්ඩයන් යටතේ ක්‍රියාකරන ආකාරය හා ලබාදෙන ප්‍රතිඵල සම්බන්ධයෙන් මෙහිදී පරීක්ෂණ සිදුකරන බවද හෙතෙම කීය. ඒ අනුව මෙම එන්නත වසර 2015දී රෝගීන්ට නොමි‍ලේ ලබාදීමට කටයුතු කරන බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටී.

http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=3933:2015----&catid=82:us-politics&Itemid=457

No comments:

Post a Comment