Saturday, May 19, 2012

පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරියා චක්‍රලේඛයට පිටින් වැඩ

ඒමන්ති මාරඹේ

පරිපාලන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ට පෞද්ගලික වෛද්‍ය සේවයෙහි යෙදීම චක්‍රලේඛයක්‌ හරහා තහනම් කර තිබියදීත් එම තහනමට පටහැනිව යමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ පරිපාලන ශ්‍රේණියෙහි වැදගත් තනතුරක්‌ දරනු ලබන වෛද්‍ය නිලධාරිවරයකු සතියේ දින හතෙහිම ප්‍රසිද්ධියේ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙමින් සිටින බව රජයේ වෛද්‍ය පරිපාලකයන්ගේ සංගම් ආරංචි මාර්ග පැවැසීය.

කොළඹ තදාසන්න ප්‍රදේශයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන මෙම වෛද්‍ය නිලධාරිවරයා සතියේ දිනවල තම පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්‌ථානය කරා යනුයේ නිල වාහනයෙන් බවද එම ආරංචි මාර්ග කීවේය. මෙම වෛද්‍ය නිලධාරිවරයා සම්බන්ධයෙන් මෙතෙක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශ විශේෂ විමර්ශන ඒකකය පවා පියවරක්‌ ගෙන නොතිබීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලකයෝ සිය විමතිය පළ කර සිටිති.

මෙම පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරිවරයා සෞඛ්‍ය අමාත්‍යංශයේ දරන පරිපාලන තනතුර සම්බන්ධයෙන්ද ගැටලු මතුවී ඇති අතර ඔහු පවරා ඇති අධ්‍යක්‍ෂක ධුරයෙහි වැඩ බැලීමට සුදුසුකම් නැතැයිද ඔහු වෛද්‍ය පරිපාලන ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරිවරයෙකු නොවීම නිසා එම තනතුරට සුදුසු නොවන බවද රජයේ වෛද්‍ය පරිපාලකවරුන්ගේ සංගමය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යන සංගම් විසින් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත ලිතව දැනුම් දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශකයෙක්‌ පැවසීය.

http://www.divaina.com/2012/05/18/news29.html


No comments:

Post a Comment