Thursday, May 3, 2012

වීදුරුකටු ඇතුළේ තිබෙද්දී රෝගියාගේ අතට මැහුම් දාලා

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

වීදුරුවකට අතකැපී කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව එම රෝගියාගේ අතට දමනු ලැබූ මැහුම් කැපීමට ඊයේ (30 වැනිදා) කරාපිටිය රෝහලට ගිය රෝගියාගේ අතෙහි තිබී අඟල් දෙකක පමණ වීදුරු කැබැල්ලක්‌ හා තවත් වීදුරු කැබැල්ලක්‌ ද සොයාගෙන ඇත.

පසුගිය අප්‍රේල් 14 වැනි දින වීදුරුවකට අත කැපීමට ලක්‌වූ කරාපිටිය ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජයන්ත ප්‍රේමලාල් නමැති අය කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබාගෙන ඇත.

මෙසේ වාට්‌ටු අංක 5 හි ප්‍රතිකාර ලබමින් සිටි මෙම පුද්ගලයා රෝහලෙන් පිටව ගොස්‌ නැවත තුවාලයට බෙහෙත් දැමීමට පැමිණි අවස්‌ථාවේ තුවාලකරුගේ අතෙහි තුවාලයේ තිබූ වීදුරු කැබැලි දෙක සොයාගෙන ඇත.

පසුගිය 14 වැනිදා ප්‍රතිකාර ලැබීමට යැමේදී වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් වීදුරු කැබැලි දෙක තිබියදීම තුවාලවලට බෙහෙත් දැමීම නිසා මෙම තත්ත්වය උදාවූ බව මෙම තත්ත්වයට මුහුණ පෑ රෝගියා අප සමඟ පැවැසීය.

Divaina 2012.05.01

No comments:

Post a Comment