Thursday, May 17, 2012

රජයේ වෛද්‍යවරුන්ට පමණක්‌ දීමනා වැඩි කිරීම ගැන සලකා බැලීමෙන් සෞඛ්‍ය බලධාරීන් තම වෘත්තීන්ට දැඩි අසාධාරණයක්‌ සිදු කරනවා සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති රැසක්‌ කියයි

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන් සඳහා පමණක්‌ මෙම වසරේ මැයි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතිකාල දීමනා වැඩි කිරීම හා ප්‍රවාහන දීනාව වැඩි කිරීමට සළකා බැලීම හරහා සෞඛ්‍ය බලධාරීන් තම වෘත්තීන්ට දැඩි අසාධාරණයක්‌ සිදුකර ඇතැයි හෙද, පරිපූරක වෛද්‍ය වෘත්තික හා අතුරු වෛද්‍ය වෘත්තීන් යන සේවාවන් නියෝජනය කරන රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය, පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්‌ඩලය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ යන වෘත්තීය සමිති අවධාරණය කර සිටී.

මෙම තත්ත්වය මත වෛද්‍යවරුන්ගේ දීමනාවන්ට සමාන්තරව තම දීමනා වැඩි කිරීමට අදාළ සේවා ඉල්ලීම් 3 ක්‌ සඳහා ඉදිරි සතිය තුළදී සාකච්ඡාමය විසඳුමක්‌ ලබා නොදෙන්නේ නම් වහාම ඒකාබද්ධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ කරා යැමට තීරණය කර ඇතැයි එම වෘත්තීය සමිති පවසති.

ඉහළ දැමු ඉන්ධන හා ප්‍රවාහන ගාස්‌තු ප්‍රතිශතයන්ට අනුව හා එයට සමාන්තරව වෛද්‍යවරුන්ට දැනට ගෙවනු ලබන දීමනාවට සාපේක්‍ෂව ප්‍රවාහන දීමනාවක්‌ ලබාදීම, සන්නිවේදන පහසුකම් සැපයීම හා බිල්පත් නිවැරදි කිරීම වෙනුවෙන් මාසිකව රුපියල් 4,000 ක උපරිමයට යටත් වූ දීමනාවක්‌ ලබාදීම හා වෛද්‍යවරුන්ට දැනට ගෙවනු ලබන අතිකාල දීමනා වැඩි කිරීමේ ප්‍රතිශතයට සමානුපාතිකව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන් සඳහා ද අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම්වලට ඉදිරි සතිය තුළදී විසඳුම් ලබාදිය යුතු බව එම වෘත්තිය සමිති කියා සිටිති.

http://www.divaina.com/2012/05/12/news26.html

No comments:

Post a Comment