Saturday, May 19, 2012

හෙද උසස්වීම් 163 ක් වංචනිකව වෙනස් කිරීමේ සැලසුමක්

May 15, 2012 08:41 am


හෙද නිලධාරීන් 163 දෙනෙකුට ලබාදී ඇති උසස්වීම් සෞඛ්‍ය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් වංචනිකව වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කර ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

අදාළ උසස්වීම් පසුගිය දෙවන දින ලබාදුන්න ද මෙතෙක් අති බහුතරයක් වැඩ භාරගෙන නොමැති බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

එක්තරා හෙද සංගමයක වුවමනාව මත සෞඛ්‍ය බලධාරීන් සමඟ එක්ව මෙම ක්‍රියාව සිදුකරන බව සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මෙම උසස්වීම් ලබාදීම සඳහා ද වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රමාද වූ බව අද දෙරණ වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තම සංගමයට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එහිදි උන්වහන්සේ සඳහන් කළේය.

අදාළ උසස්වීම් ලබාදුන්න ද දුෂ්කරතාවයන් මත බො‍හෝදෙනෙකු සේවය සඳහා වාර්තා නොකරන බව ද එම හිමියන් පෙන්වාදුන්නේය.

ඒ හැරෙන්නට කිසිවෙකුගේ බලපෑමක් හෝ ඉල්ලීමක් මෙහි දී සිදුව නොමැති බව ද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.


http://sinhala.adaderana.lk/news.php?nid=24253

No comments:

Post a Comment