Saturday, March 3, 2012

සොයිසා රෝහ‍ලේදී කාන්තාවක් මිය යෑමට හේතු වූ ඖෂධය ගැන ඇමැති නියෝගයෙන් පරීක්ෂණ

Saturday, 03 March 2012 01:54

ශ්‍රියාණි විජේසිංහ

ද සොයිසා කාන්තා රෝහ‍ලේදී බාල ඖෂධ ලබා දී කාන්තාවක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය අමාත්‍යංශයේ ‍ලේකම් වෛද්‍ය රවින්ද්‍ර රුබේරු මහතාට ඊයේ (2) දැනුම් දී තිබේ. මෙම මරණ පරීක්ෂණයේදී රෝහ‍ලේ වෛද්‍යවරයෙක් සාක්කි දී ඇත්තේ මරණයට හේතුව ඇයට ලබාදී ඇති “මයුරෝපෙමන්” හා “ඩග්මන්මින්” නමැති ඖෂධ වර්ග 2ක තත්ත්වයෙන් බාල ඒවා බවයි.

මේ පිළිබඳව ඊයේ (2) මාධ්‍ය වාර්තා කිරීමත් සමග අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කර තමාට වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ඇමැතිවරයා ‍ලේකම්වරයාට උපදෙස් දී ඇත.

ඒ අනුව ඖෂධයේ ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය සැපයුම් අංශයේ හා ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරයේ නිලධාරීන් පිරිසක් ද සොයිසා කාන්තා රෝහලට පිටත් කර යවා තිබේ.

ඔවුන් විසින් සකස් කරන ලද වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය ‍ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා සඳහන් කළේය.

Lakbima.lk

No comments:

Post a Comment