Saturday, March 3, 2012

ගාල්ල මහ මෝදර රෝහ‍ලේ දවස් 7ට ළදරු මරණ 6ක්

Saturday, 03 March 2012 01:45

කමල් විජේහේවා / ගිහාන් සූරියබණ්ඩාර

විෂබිජයක් ශරීරගත වෙලා

විෂබිජයක් ශරීරගතවීම හේතුවෙන් ගාල්ල මහ මෝදර රෝහ‍ලේ දී ළදරුවන් හයදෙනෙකු (06) පසුගිය සත්දින ඇතුළත මරුමුවට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර එම විෂබිජ ගරීරගතවීමේ හේතුවෙන් තවත් ළදරුවන් විස්සක් පමණ රෝගී තත්ත්වයෙන් පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මෙවන් තත්ත්වයක් උද්ගතවීමත් සමගම ගාල්ල මහ මෝදර රෝහල තුළ සිටින මව්වරුන්ට සිය ළදරුවන් පිළිබඳ බරපතළ අසරණ තත්ත්වයන් සහ වික්ෂිප්ත තත්ත්වයන් ඇති වී තිබේ.
මේ සම්බන්ධයෙන් ගාල්ල මහමෝදර රෝහ‍ලේ රෝහල් අධ්‍යක්ෂ ආර්.බෙල්ලන මහතාගෙන් ‘ලක්බිම’ කළ විමසුමකදී ඔහු සඳහන් කළේ මෙවන් තත්ත්වයන් ඇතිවීමට හේතුව කිසියම් විෂබිජයක් ළදරුවන්ගේ ශරීරගත වීමක් ලෙස සැක පහල වන බවයි.
මේ තත්ත්වය මේ වන විට සුවිශේෂීීි පරීක්ෂණයට භාජනය කර ඇති බවත් කරාපිටිය රෝහ‍ලේ වෛද්‍ය කණ්ඩායමක් ඒ පිළිබඳ දැනටමත් පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

lakbima.lk

No comments:

Post a Comment