2012 මාර්තු මස 02 15:44:50 | ජනක් ද සිල්වා , ඩී ජී සුගතපාල
විෂබීජයක් පැතිරී යෑම නිසා ගාල්ල මහමෝදර රෝහලේ බිළිඳුන් හය දෙනෙකු දෙසතියක් ඇතුළතදී මියගිය බව වෛද්‍යවරු කියති. අසනීප වූ තවත් ළදරුවන් විසිදෙනෙක් ප්‍රතිකාර ලබති. ඉන් දෙදෙනෙක් දැඩිසත්කාර ඒකකයට ඇතුළු කරනු ලැබ සිටිති.
මහමෝදර රෝහලේ වැඩබලන අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන පැවසුයේ කරාපිටිය රෝහලේ ක්ෂුද්‍රජීවි විශේෂ ඇත්දැයි පරීක්ෂණ අරඹා ඇති බවයි. මේ විෂබීජය ක්ලෙබ්සිඑල්ලා යනුවෙන් හඳුනාගෙන ඇත.
ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව බහුල වශයෙන් රෝහල්වල ඇතිවනුයේ නියුමෝනියාව නිසාය. රෝගීන්ගේ ලේ සමග පිටවන සෙම මෙම බැක්ටීරියාව වර්ධනය කිරීමට හේතුවේ. මෙම බැක්ටීරියාව දෙවැනි වනුයේ ඊකෝලි බැක්ටීරියාවටය. ක්ලෙබ්සිඑල්ලා බැක්ටීරියාව පෙරට වඩා ඉක්මනින් පැතිරයතියි ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ කියති. ඊට හේතුව වනුයේ පෙරට වඩා එම බැක්ටීරියාව ඔරොත්තු දීමේ ශක්තිය ඇති කරගෙන ඇති නිසා යැයිද වෛද්‍යවරු පවසති. ඇන්පිසිලින් හා කාබනිසිලින් වැනි ප්‍රතිජීවක ඖෂධවලට ද එම බැක්ටීරියාව ඔරොත්තුදීමේ හැකියාව හිමිකරගත් අවස්ථා ඇතැයි ද ඔවුහු කියති.
හැමතැනකම පැතිර පවතින මෙම බැක්ටීරියාව මුත්‍රමාර්ගයේ ආසාදන, නියුමෝනියාව ,ලේ විස වීම, මෘදු පටක ආසාදනයනට හේතුවෙතියි වෛද්‍යවරු පවසති.
වස්කඩුවේ නිවුන්දරුවන් දෙදෙනෙක්ද මේ සිද්ධියෙන් මරුමුවට පත්වූහ.
lankadeepa.lk
No comments:
Post a Comment