Wednesday, March 14, 2012

රෝහල් බෙහෙත් වට්‌ටෝරු ඔසුසල්වලින් නොමිලේ

ලසිත දුමින්ද

පරිපූරක වෛද්‍ය වෘත්තික වැඩවර්ජනය නිසා රෝහල්වල බාහිර රෝගී අංශවල වෛද්‍යවරුන් නිකුත් කරන බෙහෙත් වට්‌ටෝරුවලට රාජ්‍ය ඖෂධ සංස්‌ථාවට අයත් රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් ඉල්ලීම් කිහිපයක්‌ මුල් කර ගනිමින් පෙරේදා (13 වැනිදා) සිට වැඩවර්ජනයක නිරතවීම නිසා රෝහල්වල බාහිර රෝගී අංශයෙන් රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම අත්හිටුවීමෙන් අමාත්‍යාංශය එම තීරණය ගෙන තිබේ.

මෙම වැඩවර්ජනය අවසන් වන තෙක්‌ රෝගීන්ට අවශ්‍ය බෙහෙත් රාජ්‍ය ඔසුසල්වලින් නොමිලේ ලබා දෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

රෝගීන්ට නොමිලේ බෙහෙත් ලබාදෙන ලෙසට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජ්‍ය ඖෂධ සංස්‌ථාවේ සභාපති මහාචාර්ය එස්‌. ඩී. ජයරත්න මහතාට උපදෙස්‌ දුන් බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
Divaina 2012.03.15

No comments:

Post a Comment