Tuesday, March 13, 2012

මහමෝදර රෝහලේ බැක්‌ටීරියාවෙන් මියගියේ බිලිඳුන් 3 දෙනකු පමණයි - කමිටු වාර්තාව හෙළිකරයි

ඒමන්ති මාරඹේ

මතභේදයට තුඩුදී ඇති මහ මෝදර ශික්‌ෂණ රෝහලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බිලිsඳුන් 13 දෙනකු මියයැමේ සිද්ධිය සම්බන්ධව විශේෂඥ වෛද්‍ය කමිටුවක්‌ විසින් පවත්වනු ලැබූ පරීක්‌ෂණයේ වාර්තාවට අනුව එසේ මියගිය බිලිඳුන්ගෙන් 3 දෙනකු බැක්‌ටීරියාවක්‌ ශරීරගතවී මියගොස්‌ ඇති අතර 10 දෙනකුම මියගොස්‌ ඇත්තේ ඔවුනගේ රෝගී තත්ත්වයන් මත බව අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතා ඊයේ (13 දා) පැවැසීය.

තම රෝගී තත්ත්වය මත මියගිය බිලිඳුන් 10 දෙනාගෙන් 6 දෙනකුම ඉතාමත් අසාධ්‍ය තත්ත්වයේ සිට මියගොස්‌ ඇතැයි කී සෞඛ්‍ය ලේකම්වරයා බිලිඳුන් 3 දෙනකු මියයැමට හේතුවූ බැක්‌ටීරියාව මහමෝදර රෝහලේ නොමේරූ ළදරු ඒකකය තුළට පැමිණි ආකාරය හෙළිදරව් නොකිරීම විශේෂත්වයකි.

මෙසේ නොමේරූ ළදරු ඒකකයක්‌ තුළ බැක්‌ටීරියාවක්‌ පැතිර යැමේ සිදුවීම් ඇති විය හැකි තත්ත්වයක්‌ බවත්, බිලිඳුන් බැලීමට පැමිණෙන්නන් මාර්ගයෙන් මෙන්ම වෙනත් හේතූන් මතද එම තත්ත්වය හටගත හැකි බව වෛද්‍ය රුබේරු මහතා සඳහන් කළේය.

බැක්‌ටීරියාවක්‌ පැතිර යන අවස්‌ථාවකදී නොමේරූ ළදරු ඒකකයක්‌ වසා දැමීමකින් තොරව පවත්වාගෙන යැමේ හැකියාවක්‌ ඇතත් මහමෝදර නොමේරූ ළදරු ඒකකය වසා දමන ලද්දේ එහි ප්‍රතිකාර ලැබූ බිලිඳුන් කිහිප දෙනකු මියයැම නිසා බවත්, දැනට එම ඒකකයේ බැක්‌ටීරියාව පැතිර යැමේ තත්ත්වය පාලනය කර ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

මහමෝදර ශික්‌ෂණ රෝහල් නොමේරූ ළදරු ඒකකයේ බිලිඳුන් මියයැමේ සිද්ධිය පිළිබඳව පැවැති පරීක්‌ෂණයේ වාර්තාව පෙරේදා (12 දා) සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතා වෙත භාරදෙනු ලැබීය.

කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (13 දා) පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසික ප්‍රවෘත්ති සාකච්ඡාව අමතමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා මෙම කරුණු අනාවරණය කළේය. මෙම අවස්‌ථාවට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්a වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ යන මහත්වරුද සහභාගි වූහ


Divaina 2012.03.14

No comments:

Post a Comment