Tuesday, March 13, 2012

ජාතික රෝහලේ 41 වාට්‌ටුව හරිම අපිරිසිදුයි වකුගඩු බද්ධ කළ රෝගීන් අනතුරේ : මීයන් හැම තැනම

ආර්. ඒ. නිමල්

කොළඹ ජාතික රෝහලේ 41 වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීහු විවිධ ගැටලු නිසා අපහසුතාවට පත්වී සිටිති. විශේෂයෙන් වකුගඩු බද්ධ කළ රෝගීන් සිටින කොටසේ ඇඳන් පහක්‌ පමණක්‌ තිබෙන අතර ඊට වඩා වැඩි පිරිසක්‌ රෝහල් ගතවූ විට ඇඳන් නොමැති නිසා ට්‍රොලියක හෝ පුටුවක සිටීමට සිදුවී ඇත.

මුළු වාට්‌ටුව පුරාම රාත්‍රිය මදුරු රජදහනක්‌ වේ. මේ නිසා වකුගඩු බද්ධ කළ රෝගීහු සහ අනෙකුත් රෝගීහු විශාල අපහසුතාවට පත්වී සිටිති. මීයන්ගේද අඩුවක්‌ නොමැත. වැසිකිළි හා කුණු බාල්දී තුළ ගැවසෙන මීයෝ රාත්‍රි කාලයට වාට්‌ටුවල සැරිසරති. වකුගඩු බද්ධ කළ රෝගීන්ට ඉතා පිරිසිදුව විෂ බීජ වලින් තොරව ගත කිරීමට අවශ්‍යතාව තිබුණත් 41 වාට්‌ටුවේ සිටීම විෂ බීජ ළංකර ගැනීමට හේතුවක්‌ වන බවද රෝගීහු පවසති.

එම පැරැණි ගොඩනැඟිල්ල වෙනුවට නව රෝහල් ගොඩනැඟිල්ලකට මාරුකරන බව වසර ගණනාවක්‌ තිස්‌සේ පැවසුවත් එය රෝගීන්ගේ සහ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෑම දෙනාගේම සිහිනයක්‌ බවට පත්වී ඇත. 41 වාට්‌ටුවේ වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්‌ඩලයේ දැඩි කැපවීම සහ උනන්දුව නිසාම රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකිවී ඇති බවත් සියලුම රෝගීන්ගේ ප්‍රණාමය ඔවුන්ට හිමිවන බවත් රෝගීහු ප්‍රකාශ කරති.



Divaina 2012.03.14

No comments:

Post a Comment