Tuesday, March 13, 2012

ඖෂධ මිල පාලන සූත්‍රය ලබන මස මුල එළි දකී

ඒමන්ති මාරඹේ

මෙරට රෝගීන්ට අත්‍යවශ්‍ය නොවන බෙහෙත් වර්ග හා අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග ලැයිස්‌තු වෙන් වශයෙන් ගැසට්‌ නිවේදන මගින් ප්‍රසිද්ධ කිරීමෙන් පසු මෙම මස අවසානයේදී හෝ ලබන මස (අප්‍රේල්) මුල් භාගයේදී බෙහෙත් මිල පාලනය කිරීමේ සූත්‍රය එළිදැක්‌වීමට නියමිත බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

පාරිභෝගික සේවා අධිකාරිය හරහා මෙම බෙහෙත් මිල පාලන සූත්‍රය ප්‍රකාශයට පත් කෙරෙන බව ද ඇමැතිවරයා කීවේය.

මෙරට රජයේ රෝහල් සඳහා බෙහෙත් වර්ග 1400 ක්‌ සැපයුවද ඒවා අතර අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පවතිනුයේ 282 ක්‌ බවත් මෙරටට ආනයනය කෙරෙන මුළු බෙහෙත් වර්ග ප්‍රමාණය 21,000 ක්‌ පමණ වන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වුවද මහාචාර්ය සේනක බිබිලේ මහතා විසින් සකස්‌ කර තිබූ ජාතික ඖෂධ ප්‍රතිපත්තියෙහි ඇතුළත්ව තිබූ අත්‍යවශ්‍ය බෙහෙත් සංඛ්‍යාව 29 කි. ඊයේ (13 දා) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඇමැතිවරයා මෙම කරුණු අනාවරණය කළේය.


Divaina 2012.03.14

No comments:

Post a Comment