Friday, March 2, 2012

බාල බෙහෙතින් ලෙඩා එලොවට

2012 මාර්තු මස 01 18:39:04 | පාරුක් තාජුඞීන්

ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් තිබුණා නම් මවකගේ ජීවිතය බේරාගත හැකිව තිබිණැයි ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය අනුර එස්.එස්. රුවන් පතිරණ කොළඹ නාගරික මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහිකළ නිට්ටඹුව හොරගොල්ලේ ආර්. මධුශානි නිසංසලා (27) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි.
උදරයේ ශ්‍රෝණියේ ආසාදනය හා පැසැවීමෙන් බහුවිධ අවයව අක‍්‍රිය වී මරණය සිදුවී යැයි කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර සී.ජේ. රාජගුරු කීවේය.
”බාල බෙහෙත් නිසා රෝගියාට ප‍්‍රතිකාර කරන්න බැරිවුණා. හොඳ ප‍්‍රතිජීවක බෙහෙත් තිබුණා නම් රෝගියාගේ ජීවිතය බේරා ගන්න තිබුණා” යැයි දොස්තර රුවන් පතිරණ කීවේය.

lankadeepa.lk

No comments:

Post a Comment