Sunday, March 11, 2012

උකුණන් මර්දනයට ලබාදෙන ලින්ඩේන් ආ‍ලේපය තහනම් කරයි

2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා, 01:37

ශ්‍රියාණි විජේසිංහ/අචලා ධර්මසේන

හිසෙහි උකුණන් මර්දනයට හා පණු හොරි සඳහා වසර තිහකට අධික කාලයක් මෙරට මෙන්ම ලොව පුරාත් භාවිත කළ ලින්ඩේන් නමැති බාහිර ආ‍ලේපන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. විලවුන් උපකරණ හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා විසින් මේ බව සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම්දී ඇත. ලින්ඩේන් සියයට එකක අවම සාන්ද්‍රණයක් බාහිර ඖෂධයක් ලෙස භාවිතා කරන අතර, එහි අධි සාන්ද්‍රණය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේදී කෘමිනාශකයක් ලෙසද භාවිතා වන බැවින් දීර්ඝ කාලීනව මෙම රසායනය ශරීර ගතවීම භයානක සෞඛ්‍ය ප්‍රශ්න ඇතිකරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


පරිසරයට හා සෞඛ්‍යයට හානිකර රසායන පිළිබඳව ස්ටොක්හෝම් සම්මුති මණ්ඩලය ලින්ඩේන් 2009දී කෘෂිකාර්මික භාවිතයෙන් ඉවත් කළ අතර ඖෂධයක් ලෙස වර්ෂ 2015 දක්වා භාවිතා කිරීමට ඉඩදී ඇති නමුත් ලංකාවේ ඖෂධ පිළිබඳ තාක්ෂණ උපදේශන කමිටුව මේ සඳහා ආරක්ෂාකාරී ක්‍රියාකාරී ඖෂධ 3ක් මෙරට තුළ භාවිතයේ ඇති බව පෙන්වාදීමෙන් පසු මෙම ඖෂධය භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

lakbima.lk

No comments:

Post a Comment