Sunday, March 11, 2012

මහමෝදර ප්‍රතිකාර ලබන බිලිඳුන් සංඛ්‍යාව අඩුවෙයි

2012 මාර්තු 10 වෙනි සෙනසුරාදා, 01:33

කමල් විජේහේවා/ ගිහාන් සූරියබණ්ඩාර

ගාල්ල මහමෝදර රෝහ‍ලේ නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබන බිලිඳුන් සංඛ්‍යාව ඊයේ (09) වන විට හත (07) දක්වා අඩුවී ඇති බවත් මේ වන විට එම ඒකකයට අලුතින් බිලිඳුන් ඇතුළත් කිරීම අත්හිටුවා ඇති බවත් මහමෝදර රෝහ‍ලේ උසස් නිලධාරියෙකු “ලක්බිම”ට පැවැසීය. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා මහමෝදර රෝහ‍ලේදී ආන්දෝලනාත්මක බිලිඳු මරණ සංඛ්‍යාව ඊයේ වන විට 20 දක්වා ඉහළ නැග තිබුණු අතර ජනවාරි මාසයේ බිලිඳුන් 6ක්ද පෙබරවාරි මාසයේ බිලිඳුන් 10ක්ද මාර්තු මාසයේ බිලිඳුන් 4ක්ද එසේ මරුමුවට පත්ව තිබිණ. එහෙත් මේ බිලිඳුන් විසි දෙනාගෙන් බැක්ටීරියා ශරීරගත වීමෙන් මියගොස් ඇත්තේ බිලිඳුන් සිවු දෙනෙක් පමණක් වන අතර අනෙකුත් බිලිඳුන් 16 දෙනා මියගොස් ඇත්තේ වෙනත් විවිධ හේතූන් නිසා බවද ඔහු සඳහන් කළේය.

ඊයේ වන විට මහමෝදර නොමේරූ ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බිලිඳුන් 7 දෙනාට නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

lakbima.lk

No comments:

Post a Comment