2012 මාර්තු 08 වෙනි බ්‍රහස්පතින්දා, 23:26
ශ්‍රියානි විජේසිංහ- නොචිචියාගම - කුමාරගල්ගමුව
ද සොයිසා කාන්තා රෝහලේදී පසුගිය අගෝස්තු මාසයේදී කාන්තාවක් මියගියේ බාල ඖෂධ ලබාදීමෙන් බව ඔප්පු කළහොත් තමා සෞඛ්‍ය ඇමැතිකමෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (07) අනුරාධපුර රනෝරාව නව ග්‍රාමීය රෝහල විවෘත කරමින් පැවැති උත්සවයකදීය.
මියගිය කාන්තාවගේ මරණ පරීක්ෂණයේදී ද සොයිසා කාන්තා රෝහලේ එක්තරා වෛද්‍යවරයෙක් ප්‍රකාශ කර ඇත්තේ ඇයට බාල ඖෂධ ලබාදීම හේතුවෙන් මියගියා කියලා.
මේ දවස්වල බාල බෙහෙත් සිද්ධියක් අල්ලාගෙන පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය හා පත්තර ආණ්ඩුවට ගහනවා. මම පැහැදිලිව කියනවා මම දැන් මාස 18ක් සෞඛ්‍ය ඇමැතිවරයා හැටියට කටයුතු කරනවා. මේ කාලේ තුළ බාල බෙහෙත් ගෙනැල්ලත් නැහැ. බාල බෙහෙත් බෙදලත් නැහැ. බෙහෙත් බාලයි කියලා රෝගියකු මියගිහිල්ලත් නැහැ. මාධ්‍ය මේ ගැන ඒක පාක්ෂිකව තමයි කතා කරන්නේ. බෙහෙතක් ගැන කටට ආපු පළියට මුකුත් කියන්න බැහැ. ඒ ගැන පරීක්ෂණ පැවැත්විය යුතුයි. රෝගියකුගේ ඔපරේෂන් එකක් කළා. රෝගියා මියගියා. මරණ පරීක්ෂණයේදී රෝගියා මියගියේ බාල බෙහෙත් නිසා කියලා වෛද්‍යවරයා කටඋත්තර දෙනවා. ඒක අල්ලාගෙන තමයි මාධ්‍ය අමාත්‍යංශයටයි ආණ්ඩුවටයි ගහන්නේ. මම මේ ගැන කට ඇරියේ නැහැ. අද තමයි මම උත්තර දෙන්නේ. ඒ බෙහෙත් සම්බන්ධව මම වාර්තාවක් ගත්තා කිසිසේත්ම ඒ බෙහෙත් බාල බවක් නැහැ. ප්‍රමිතියෙන් අඩු නැහැ. ලබන සතියේ අපි මාධ්‍ය සාකචිඡාවක් තියලා ඒ තොරතුරු රටටම හෙළිකරනවා.”
උතුරු මැද පළාත ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය. අමාත්‍ය දුමින්ද දිසානායක, නොචිචියාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.පී.එස්. කුමාරසිරි ලංකා බැංකුවේ සභාපති ආචාර්ය ගාමිණී වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීහු රැසක්්ද ප්‍රදේශවාසීහු රාශියක්ද සහභාගි වූහ.
lakbima.lk
No comments:
Post a Comment