Friday, March 9, 2012

”මහමෝදර වාට්ටුවේ ප‍්‍රශ්නේ ඉවරයි” - ලේ විස වුණේ හතරකට පමණයි

2012 මාර්තු මස 07 22:19:48 | සජිව විජේවීර

ගාල්ල මහමෝදර නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයට ළමයින් ඇතුළත් කිරීම සීමාකර ඇතැයිද මේ වනවිට ප‍්‍රතිකාර ලබමින් සිටින ළදරුවන් කිසිවකුට සෙප්ටසීමියා ලේ විසවීමේ රෝගය වැළඳී නැතැයි මහමෝදර රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩබ්.ඒ.යූ.කේ. කපිලානි මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පවසන්නේ මේ වනවිට ළදරුවන් 13 දෙනකු මහමෝදර රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි. ආසාදන තත්ත්වයක් ඇති වූ බැවින් එය පාලනය කිරීමේ එක් උපක‍්‍රමයක් ලෙස දැඩි සත්කාර අත්‍යවශ්‍යම නොවන දරුවන් එම ඒකකයට ඇතුළත් කිරීම පාලනය කර ඇති බව ද දකුණු පළාතේ ඇති හොඳම ළදරු දැඩි සත්කාර ඒකකය වන මෙම ඒකකය වසා දැමීමට අවශ්‍යතාවක් නොමැති බව ද වෛද්‍ය කපිලානි කියන්නීය.

තවලම බිළිඳකුගේ මරණයට හේතුව ලේ විසවීම නොවන බව කියන ඇය එම මරණයට හේතුව ස්නායු සහ පේශිවල ආබාධයක් බව කියන්නීය.

පෙබරවාරි 1, මාර්තු 7 අතර බිළිඳුන් 15 දෙනකු මියගිය බවත් ලේ විසවීමෙන් මරණයට පත්වුයේ 4ක් පමණක් බවත් වෛද්‍යවරු පවසති

lankadeepa.lk

No comments:

Post a Comment