Tuesday, March 6, 2012

ජීවත්වෙන්න අමාරුලු රජයේ වෛද්‍යවරු දීමනා වැඩිකරන්නැයි ඉල්ලති

ඒමන්ති මාරඹේ

රජයේ වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලබන කැඳවීමේ, බාධා කිරීමේ හා ප්‍රවාහන දීමනාව සහ සන්නිවේදන දීමනාවන් වැඩිකිරීමට රජය කටයුතු නොකරන්නේ නම් ගත යුතු ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‌ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව මෙම 11 වැනි ඉරිදා රැස්‌වන බව එම සංගමය පවසයි.

රජයේ වෛද්‍යවරුන්ගේ මූලික වැටුප රුපියල් 26,000 ක්‌ වන අතර විශේෂඥ වෛද්‍යවරයකුගේ වැටුප රු. 42,000 ක්‌ වන බැවින් මෙම වැටුපෙන් වෛද්‍යවරයකුට ජීවත්වීම අසීරු බව පෙන්වා දෙන වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා 2007 වසරේදී බලධාරීන් එකඟවූ පරිදි වෛද්‍යරු සඳහා ලබා දෙන කැඳවීමේ, බාධා කිරීමේ හා ප්‍රවාහන දීමනාව වත්මන් ඉන්ධන මිල ගණන් වැඩිවීම් හමුවේ රුපියල් 29,000 දක්‌වා වැඩි කළ යුතු බව සඳහන් කළේය.

මෙම දීමනා වැඩි කිරීම කඩිනමින් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් අකමැත්තෙන් වුවද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවීමට තම සංගමයට සිදුවන බව ද ඔහු සඳහන් කළේය.

Divaina 2012.03 06

No comments:

Post a Comment