Friday, March 2, 2012

අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ 2011වාර්ෂික වාර්තාව අද නිකුත් වේ

2012 පෙබරවාරි 29 වෙනි බදාදා, 21:00
(කොළඹ -ලංකාපුවත්)අන්තර් ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලයේ(INCB)2011 වාර්ෂික වාර්තාව අද(29) නිකුත් විය.
අන්තරාදායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ(NDDCB)සහ කොළඹ එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්තී කෙන්ද්‍රයේ(UNIC)අනුග්‍රහයෙන් මෙම වාර්තාව එලි දැක්විණි.
අන්තර්ජාතික මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ අන්තර්ජාතික ඖෂධ පාලන සම්මුතීන් ක්‍රියාත්මක කිරීම සඳහා වන ස්වාධීන අධීක්ෂණ ආයතනයකි.1968 දී මෙම ආයතනය ස්ථාපිත කරන ලද්දේ 1961 ඖෂධ මත්ද්‍රව්‍ය පිළිබඳ ඒකීය සම්මුතිය යටතේය.
අන්තර්ජාතික මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය සිය කටයුතු පදනම් කර ගත් වාර්ෂික වාර්තාවක් ඖෂධ මත්ද්‍රව්‍ය පිළිබඳ කොමිසම තුළින් එක්සත් ජාතීන්ගේ ආර්ථීක හා සාමාජීය මණ්ඩලයට(UN-ECOSOC)ඉදිරිපත් කරඇත.එම වාර්තාවෙන් ලෝකයේ නොයෙකුත් ප්‍රදේශ වල ඖෂධ පාලන තත්වය සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කරයි.
අපක්ෂපාතිව මණ්ඩලයක් වශයෙන් මෙම ආයතනය අන්තරාදායක ප්‍රවනතා හඳුනාගැනීමට හා ඒ ගැන කල්තියා අනතුරු හැඟවීමට ක්‍රියා කරන අතර ගත යුතු පියවර ගැන යෝජනා ගැනද එහිදී කරුණු ඉදිරිපත් විය.

lankapuwath.lk

No comments:

Post a Comment