Friday, March 2, 2012

රෝගියෙකුට පහරදුන් වෛද්‍යවරයකු අත්අඩංගුවට

2012 මාර්තු 01 වෙනි බ්‍රහස්පතින්දා, 13:03


Srilankamirror - වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බදුල්ල රෝහලට පැමිණි රෝගියෙකුට පහරදී ඇති එහි වෛද්‍යවරයෙකු බදුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බදුල්ල රෝහලේ බාහිර රෝගී අංශය ඉදිරිපිටදී, ත්‍රී රෝද රථයක් පදවා ගෙන, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුට මෙම වෛද්‍යවරයා අමානුෂික ලෙස පහරදී ඔහුගේ ත්‍රී රෝද රථයට ද හානි සිදුකර ඇති බව බදුල්ල පොලිසිය පැවසීය.

සැකකාර වෛද්‍යවරයා අත් අඩංගුවට ගෙන බදුල්ල මහේස්ත්‍රත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදාහැර තිබේ.

srilankamirror.com

No comments:

Post a Comment