Monday, March 5, 2012

බැක්‌ටීරියා ආසාදනයෙන් මහමෝදර තවත් බිළිඳෙක්‌ මියයයි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි,

ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

ගාල්ල මහමෝදර රෝහලේදී බැක්‌ටීරියා ආසාදනයෙන් තවත් බිළිඳෙකු ඊයේ (04 දා) අලුයම මියගොස්‌ තිබේ.

මෙම බැක්‌ටීරියා ආසාදනයට ලක්‌ව ඊයේ (4 දා) මියගියේ තවලම තලංගල්ල මල්ගාල්ල ලිපිනයේ පදිංචි පී. ජී. ආර්. ප්‍රියන්ති මහත්මියට ලැබුණු බිළි¹ය.

මෙම බැක්‌ටීරියා ආසාදනයෙන් පසුගිය දෙමස තුළ පමණක්‌ බිළිඳුන් විසිදෙනකු වරින්වර මියගොස්‌ ඇති බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම ළදරු මරණවලට හේතුවී ඇත්තේ ක්‌ලෙප් සියෙල්ලා නමැති බැක්‌ටීරියාව බව පැවැසේ. එම බැක්‌ටීරියාව කැල්සියම් ග්ලුකොනේට්‌ නමැති එන්නත් කුප්පිවල පිට කවරයේ තිබී ගාල්ල කරාපිටිය රෝහලේ ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ ධම්මිකා විදානගම මහත්මිය ඇතුළු විශේෂඥ කණ්‌ඩායමක්‌ විසින් සොයාගෙන ඇත.

මෙම හේතුවෙන් මහමෝදර රොහලේ ඊයේ (4 දා) වන විටත් දැඩි ආන්දෝලනයක්‌ පැතිර යමින් තිබිණි. මෙම තත්ත්වය පිළිබඳව ගාල්ල මහමෝදර රෝහලේ අධ්‍යක්‍ෂ රුක්‍ෂාන් බෙල්ලන මහතාගෙන් අප කළ විමසුමකදී හෙතෙම සඳහන් කළේ මේ වන විට රෝහලේ මෙම බැක්‌ටීරියාව පැතිර යැමේ අවදානම අවම කර ඇති බවයි.

ඊයේ මියගිය දරුවා මීට පෙර බැක්‌ටීරියාව ශරීරගතවී ප්‍රතිකාර ලබමින් සිටි අයකු බව අනාවරණය කළ රෝහල් අධ්‍යක්‍ෂවරයා තවදුරටත් රෝගය පැතිර යැමෙහි ඉඩකඩ වසා දමා ඇති බව පැවසීය.

Divaina 2012.03.05

No comments:

Post a Comment