Srilankamirror – බාල ඖෂධ ලබාදීම හේතුවෙන් රෝගීන් මියගිය බවට එල්ල වන චෝදනා ඔප්පු වුවහොත් තමන් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි.
අනුරාධපුර – නොච්චියාගම, නනෝරාව ප්‍රාදේශීය රෝහල ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමේ අවස්ථාවට අද (07) සහභාගී වෙමින් ඔහු මේබව සදහන් කළේය.
කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මවක් බාල ඖෂධ ලබාදීම හේතුවෙන් මියගිය බවට පසුගියදා පලවී තිබු වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසිය.
කෙසේවුවද, කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිය බිරිඳ මියයැම සම්බන්ධයෙන් අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නැයි කළුවාගේ ගාමිණී වසන්ත මහතා (34) වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටී.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් තිබුණේ නිට්ටඹුව, හොරගොල්ලවත්තේ පදිංචිව සිටි ගබ්බලගේ මධුෂානි නිසංසලා නමැති 27 හැවිරිදි එක්දරු මවකි.
සිය බිරිඳ රෝහල තුලදී මියයාම පිලිබදව කරුණු දැක්වූ ගාමිණී මහතා මෙසේ පැවැසීය.
“කොළඹ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේ මගේ බිරිඳ. අපි විවාහ වෙලා අවුරුදු අටක් වෙනවා. මගේ බිරිඳට දරුවා ලැබීමට 2011 ජුලි මස 20 වැනිදා දින ලබාදී තිබුණා. දරුවා ලැබීමට ප්‍රමාදවීම නිසා ඇයට සිසේරියන් සැත්කමක් සිදු කළා. ඒ සැත්කමෙන් පසුව බිරිඳට උණ හැදුණා. පසුව ඇයට දෙවැනි සැත්කමත් කළා. ඉන් අනතුරුව ඇය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබුවා.
බිරිඳගේ බඩ ඉදිමී ලේ බඩ යන්නට වුණා. එලෙස දොළොස් පාරක් විතර ගියා. පසුව පෞද්ගලික රෝහලකදී රුපියල් 1,085 ක් ගෙවා වෛද්‍ය රුවන් පතිරණ මහතා මා හමුවුණා. ඒ අවස්ථාවේ බිරිඳ සොයිසා කාන්තා රෝහලේ සිටියා.
මගේ බිරිඳ බේරා දෙන්න කියලා මා වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියා.
කොහොම වුණත් දැන් මගේ බිරිඳ මිය ගිහින්. මමයි, දරුවයි දැන් තනිවෙලා. දරුවාට මාස හතයි. ඔහු බලා ගත්තේ කඩුවෙල ඉන්න මගේ නංගි. මම කියන්නේ මගේ බිරිඳගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න කියලයි. මේ ගැන ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙයි කියලා මා සිතනවා.”
srilankamirror.com
No comments:
Post a Comment