Tuesday, 06 March 2012 14:55
එල්ලවූ දැඩි විරෝධය හේතුවෙන් හකුළා ගත් පෞද්ගලික විශ්වවිද්‍යාල පනත "මානව ප්‍රාග්ධන මූල්‍ය පනත" ලෙස මසක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.
බ්‍රිතාන්‍යයේ කළමනාකාරිත්ව ගණකාධිකාරිවරුන්ගේ වරලත් ආයතනය (සීමා) සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අතර වෘත්තීය උපාධිධාරීන් බිහිකිරීමේ වැඩසටහනට අදාළ ගිවිසුම අත්සන් කිරීම වෙනුවෙන් පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උළෙලේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කළේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ඉල්ලුමක් පවතින පාඨමාලා හඳුන්වා දෙමින්, අධ්‍යාපන ක්‍රමවේදයන්, විභාග ක්‍රමවේදයන් වෙනස් කරමින් ජාත්‍යන්තර තලයේ විද්‍යාර්ථීන් බිහිකිරීමට රජය මේ මගින් පියවර ගන්නා බවයි.
“ජනාධිපතිතුමාගේ දීර්ඝකාලීනව අදහසක් තිබෙනවා විද්‍යා අංශය සියයට 50 දක්වාත් වාණිජ්‍ය අංශය සියයට 30 දක්වාත් වර්ධනය කොට කලා අංශය සියයට 20 දක්වා සංකෝචනය කරන්නට. උපාධිධාරීන් රැකියාවක නිරතවිය හැකි තත්ත්වයට පත්කරලා එළියට දාන්න කටයුතු කරන එක බලධාරීන් වශයෙන් අපේ වගකීම. එහෙම නැතිව තොග පිටින් උපාධිධාරීන්ට රැකියා දෙන එකෙන් අසාධාරණයට ලක්වන්නේත් උපාධිධාරීන්ම යි. ඒ අය රැකියාවට ආ දවසේ පටන් විශ්‍රාම යන දවස තෙක් ඉන්නේ කනස්සල්ලෙන්. ඊට හේතුව තමයි ඒ අයට උසස්වීම් ලබාගැනීමට මාවතක් සකස් කර නොමැතිකම. ඒකට අනෙත් සේවාවලින් පැමිණි රාජ්‍ය සේවකයන් විරුද්ධයි. ලිපිකරුවාට උසස්වීම්වලට ගිහින් අමාත්‍යාංශ ලේකම් දක්වා එන්නට පාරවල් තිබෙනවා. කම්කරුවාට ඉහළට යන්න පාරක් තිබෙනවා. නමුත් උපාධිධරයාට පරිපාලන සේවා විභාගය, ක්‍රමසම්පාදන සේවා විභාගය ලියන්නට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඉතින් මේ අය එක් අතකින් අතරමං වෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාලවලින් එළියට එන උපාධිධරයාගේ මානසිකත්වය හදන්නට ඒ අයට වෘත්තීය මාර්ගයක් සැලසීමට අවශ්‍ය කටයුතු සකසා දීමට උපකුලපතිවරු, ආචාර්ය මහාචාර්යවරු උත්සාහ කරන්නට අවශ්‍යයි“ යැයි දිසානායක මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා - වෘත්තීයමය උපාධිධාරීන් බිහිකිරීම සඳහා අනුගමනය කළ යුතු උපාය මාර්ගවලින් එකක් ලෙස තමයි මෙම වැඩසටහන ක්‍රියාවට නංවන්නේ. සීමා ආයතනය මගින් සියයට 45 ක වට්ටමක් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබාදෙනවා. පොඩි මුදලක් ගෙවන්නට සිදුවෙනවා. බුද්ධිමත් දරුවාට ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් වගේම ජාත්‍යන්තරව පිළිගත් වෘත්තීය පාඨමාලාවක් හදාරන්නට ලැබෙනවා නම් ඒක කොයිතරම් භාග්‍යයක් වේවිද? අපට අවශ්‍ය වන්නේ එයයි යනුවෙන් පැවසීය.
lankaviews.com
No comments:
Post a Comment