Wednesday, March 7, 2012

රජයේ රෝහල්වල ඖෂධ කප්පාදුවක්

Tuesday, 06 March 2012 14:16



රජයේ රෝහල් මගින් නොමිලයේ ලබාදෙන ඖෂධ සීමා කිරීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ඊට අදාළ චක්‍රලේඛයක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සියලුම රෝහල් වෙත නිකුත් කොට තිබේ.

එහි පළමු පියවර ලෙස රෝහලේ බාහිර රෝගී අංශයෙන් නිකුත් කරන පැරසිටමෝල් පෙති ප්‍රමාණය සීමා කිරීමට නියෝග කර ඇත. ඒ අනුව මෙතෙක් උණ රෝගියෙකු සඳහා ලබා දුන් පෙති 18 වෙනුවට පෙති 10ක් ලබාදීමටත් එක් වේලකට පෙති දෙක බැගින් දිනකට වේල් තුනක් වශයෙන් දින 14කට පෙති 84ක් ලබාදුන් රෝගියෙකු සඳහා පෙති 20ක් හෝ 25ක් ලබා දෙන ලෙසත් නියෝග කර තිබේ.

ඖෂධ නිකුත් කිරීමේදී නිසි අධීක්ෂණයක් යටතේ එය සිදු කළ යුතු බවටද එම චක්‍ර ලේඛයේ දැක්වේ.

lankaviews.com

No comments:

Post a Comment