Sunday, March 11, 2012

උකුණන් මර්දනයට ගත් ලින්ඩොන් තහනම් කරයි

ලසිත දුමින්ද

උකුණන් මර්දනය සඳහා භාවිත කළ ලින්ඩොන් නමැති ඖෂධය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

බාහිර ඖෂධයක්‌ ලෙස භාවිත කළ මෙය අධිසාන්ද්‍රන කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ කෘමිනාශකයක්‌ ලෙස භාවිත කරන භයානක සෞඛ්‍ය ගැටලු ඇති කරන රසායනික ද්‍රව්‍යයක්‌ බවට පරීක්‌ෂණවලදී හෙළිවී තිබේ.

ලින්ඩොන් 2009 වසරේදී කෘෂිකාර්මික භාවිතයෙන් ඉවත් කිරීමට එක්‌සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනකට අනුබද්ධ පරිසරය හා සෞඛ්‍යයට හානිකර රසායන පිළිබඳ ස්‌ටොක්‌හොම් සම්මුති මණ්‌ඩලය ද කටයුතු කර තිබේ.

පසුව 2015 දක්‌වා මෙය උකුණන් මර්දනය සඳහා බාහිර ඖෂධයක්‌ ලෙස භාවිත කිරීමට ඉඩ සලසා දී තිබිණි.

මේ වන විට උකුණන් මර්දනය සඳහා ආරක්‌ෂාකාරී ක්‍රියාකාරි ඖෂධ තුනක්‌ මෙරට වෙළෙඳපොළේ පවතින බැවින් මෙම ඖෂධය භාවිත කිරීම අත්හිටුවීමට තීරණය කළ බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්‌ ඊයේ (09 වැනිදා) "දිවයින"ට පැවැසීය.

Divaina 2012.03.10

No comments:

Post a Comment