Monday, March 5, 2012

මහමෝදර රෝහලේ බැක්ටීරියා ආසාදනය පාලනය කරයි මියගියේ තුන්දෙනයි

කුමාර උදයරත්න – යක්කලමුල්ල විශේෂ

ගාල්ල මහමෝදර ශික්‍ෂණ රෝහලේ විශේෂිත ළදරු දැඩි සත්කාර ඒකකයේ හටගත් බැක්ටීරියා ආසාදිත තත්ත්වය මේ වනවිට මුළුමනින්ම පාලනය කොට ඇතැයි වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය නන්දන ලියනපතිරණ මහතා දිනමිණට පැවැසීය. මෙම ආසාදිත තත්ත්වය හේතුවෙන් රෝගීන් තිදෙනකු පමණක් මියගිය අතර අනෙකුත් රෝගීහු සඳහා ප්‍රතිකාර ලැබීමෙන් පසු සුවය ලබමින් සිටිති.

(සෙෆ්ටිසිමියා) (cepticimia) නමැති බැක්ටීරියාව ආසාදිත තත්ත්වයට හේතු වී ඇතැයි වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු කොටගෙන ඇත. ළමා දැඩි සත්කාර ඒකකයේ රෝගීන් 17 දෙනකු ප්‍රතිකාර ලබන අතර 10 දෙනකුම නොමේරූ ළදරුවෝ වෙති. ආසාදිත තත්ත්වය හත්දෙනකුට පමණ බලපා ඇති අතර වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමෙන් පසු සුවය ලබමින් සිටී. ආසාදිත තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන ඇති අතර එම බැක්ටීරියාව පැතිර යාමට හේතු සොයාබලන බවත් රෝහලේ අනෙකුත් මාතෘ ඒකක සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යන බවද අධ්‍යක්‍ෂකවරයා වැඩිදුරටත් පැවැසීය.

සෙෆ්ටිසිමියා බැක්ටීරියාවෙන් ආසාදිත රෝගී තත්ත්වය කෝලිෆෝම් (ජධතඪටධපථ) ලෙස හඳුනාගෙන ඇති අතර අධික උෂ්ණත්වය තුළින් ශරීරයේ එන්සයිම ඇතුලු ඉන්ද්‍රීය ක්‍රියාකාරිත්වය අකර්මන්‍ය තත්ත්වයට පත් වේ.

Dinamina 2012. 03.05

No comments:

Post a Comment