Monday, March 12, 2012

හෙද සේවා ගැටඵවලට විසදුම් ලබා නොදීමට එරෙහි - දැවැන්ත උද්ඝෝෂණය මාර්තු 13 - සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී

හෙද සේවාවට අදාල මූලික සේවා ගැටඵ 12 කට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා අප සංගමය 2012 මාර්තු 13 දින දහවල් 12.00 ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීමට සංවිධානය කර ඇත.

පහත සදහන් සේවා ඉල්ලීම් පිළිබදව සෞඛ්‍ය ලේකම් සමග පෙබරවාරී 13 දින ද, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග මාර්තු 06 දින ද සාකච්ඡ කල අතර, මෙම ඉල්ලීම් වලට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුනු නිසා උද්ඝෝෂණ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම ක‍්‍රියාත්මක කරන්නට තීරණය කරන ලදි.

1. මාණ්ඩලික ශ්‍රේණි නිශ්චය කල චක‍්‍රලේඛය නිකුත් නොකිරීම
2. හෙද ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් දීමනාව වැඩි කිරීමට අදාල චක‍්‍රලේඛය නිකුත් නොකිරිම
3. හෙද සේවාවේ අතිකාල දීමනාව මාසික වැටුපෙන් පැයට 1/180 ලෙස ලබා නොදීම
4. හෙද ව්‍යවස්ථාව නැවත සංශෝධනය නොකිරීම
5. හෙද උපාධිධාරීන් රාජ්‍ය හෙද සේවයට බඳවා නොගැනීම
6. පිරිමි හෙද නිළධාරීන් බදවා ගැනීමේ ප‍්‍රතිශතය 20% දක්වා වැඩි නොකිරීම
7. හෙද සේවාවට දින 05 සතිය ලබා නොදීම
8. හෙද නිළධාරීන්ගේ අනතුරු දීමනා, ශල්‍යාගාර දීමනා හා ඉන්වෙන්ටි‍්‍ර දීමනා වැඩි නොකිරීම

මෙම උද්ඝෝෂණය ආවරණය කිරිම සදහා ජනමාධ්‍යවේදීන් සහභාගී කරවන ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.
සමන් රත්නප‍්‍රිය

No comments:

Post a Comment