Friday, March 9, 2012

මහ මෝදර රෝහ‍ලේ තවත් බිලිඳු මරණයක්

2012 මාර්තු 08 වෙනි බ්‍රහස්පතින්දා, 02:53
කමල් විජේහේවා - ගාල්ල

ගාල්ල මහ මෝදර මහ රෝහ‍ලේදී ඊයේ (07) සවස තවත් බිලිඳකු මියගොස් ඇති අතර ඒ සමගම ඉකුත් ජනවාරියේ සිට එහි හටගත් බිලිඳු මරණ සංඛ්‍යාව 17ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම බිලිඳු ඉපදී විනාඩි 10ක් පමණ සුළු කාලයකදී මියගිය අතර ඒ මරණය විෂබිජ ප්‍රශ්නයක් නිසා සිදුවූවක් නොවන බව රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ළදරුවා මියගිය බව සැලවූ මොහොතේ ඔහුගේ පියා රෝහ‍ලේදී කහලකාරී ලෙස හැසිරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඉන්පසුව රෝහලට ‍පොලිස් ආරක්ෂාව සලසා තිබේ.

Lakbima 2012.03.08

No comments:

Post a Comment