Friday, March 9, 2012

මහමෝදර රෝහලේදී සිදුකළ සැත්කමෙන් අසාධ්‍ය වූ මව කරාපිටිය රෝහලේදී මිය යයි

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

මහමෝදර රෝහලේදී කරනු ලැබූ බව කියන සැත්කමක්‌ හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටි මවක (6 වැනිදා) අලුයම ගාල්ල කරාපිටිය රෝහලේ දී මියගොස්‌ ඇතැයි වාර්තා වේ. මෙසේ මියගොස්‌ ඇත්තේ රත්ගම රිල්ලඹ ප්‍රදේශයේ පදිංචි කේ. සුජීවා (20) නමැති මවකි.

මෙම කාන්තාවට ප්‍රථම දරුවා ලැබීමට ගාල්ල මහමෝදර රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී සිසේරියන් සැත්කමකින් දරුවා බිහිකර ඇත.

නමුත් මවට කරනු ලැබූ සිසේරියන් සැත්කම වැරදී ඇයගේ බඩවැල් වලටද හානි සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. පසුව ඇය අසාධ්‍ය තත්ත්වයෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

Divaina 2012.03.08

No comments:

Post a Comment