Wednesday, March 7, 2012

මහමෝදර රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂ ඉවතට

අජිත් අලහකෝන්

ගාල්ල මහ මෝදර රෝහලේ වැඩබලන අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ රුක්‌ෂාන් බෙල්ලන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇත. බිළිඳු මරණ කිහිපයක්‌ සහ එම රෝහලේ සිදුවූ විවිධ තත්ත්වයන් සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවැසුවේය.

බෙල්ලන මහතා ඉවත් කිරීමෙන් අනතුරුව ඒ වෙනුවට ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර මහත්මිය මහමෝදර රෝහලේද අධ්‍යක්‍ෂවරිය ලෙස වැඩ ආවරණය කරන බව ඉහත ප්‍රකාශකයා කීය.

Divaina 2012.03.07

No comments:

Post a Comment