Tuesday, November 1, 2011

මාලබේ නීත්‍යානුකූල නැතැයි වෛද්‍ය සභා සභාපතිනිය හා සෞඛ්‍ය ලේකම් දැනුම් දුන්නා

වෛද් උපුල් ගුණසේකර කියයි
ඒමන්ති මාරඹේ
මෙරට ප්රධාන පෙළේ පෞද්ගලික රෝහල් හයක ප්රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31 දා) සෞඛ් අමාත්යංශයේ පැවැති රැස්වීමකදී මාලබේ පිහිටි පෞද්ගලික වෛද් විද්යාලය නීත්යානුකූල නොවන ආයතනයක්බව සෞඛ් අමාත්යංශ ලේකම් වෛද් රවීන්ද් රුබේරු මහතා හා ශ්රී ලංකා වෛද් සභාවේ සභාපතිනි මහාචාර්ය ලලිතා මෙන්ඩිස්මහත්මිය විසින් දැනුම් දුන් බව රජයේ වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද් උපුල් ගුණසේකර මහතා පැවසීය.
සෞඛ් අමාත්යාංශ ලේකම්වරයා හා වෛද් සභාවේ සභාපතිනිය විසින් ප්රකාශ කරන තෙක්මාලබේ පෞද්ගලික වෛද් විද්යාලය නීති විරෝධී ආයතනයක්බව අදාළ පෞද්ගලික රෝහල් ප්රධානීන් දැන නොසිටි බව කී වෛද් ගුණසේකර මහතා එම වෛද් විද්යාලයේ ඉගෙනුම ලබන සිසුන් සඳහා සායනික පුහුණුව ලබා දීමට එකඟ වී සිටි කොළඹ පෞද්ගලික රෝහල් ප්රධානීන් එහිදී කියා සිටියේ වෛද් විද්යාලය වෛද් සභාව විසින් පිළිගත් එකක්බව තමන් සිතා සිටි බව යෑයි සඳහන් කළේය.
කොළඹ රජයේ වෛද් නිලධාරීන්ගේ සංගම් මූලස්ථානයේ ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක්අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
මාලබේ පෞද්ගලික වෛද් විද්යාලයේ සිසුන්ට සායනික පුහුණුව ලබා දීමට නියමිතව තිබූ කොළඹ නවලෝක රෝහල ඉදිරිපිටදී දිවයිනේ සියලු වෛද් පීඨ සිසුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (31 දා) උදැසන උද්ඝෝෂණ ව්යාපාරයක්පැවැත්වුණු අතර එහිදී එම රෝහලට පැමිණි රෝගීන් නීත්යානුකූල නොවන වෛද් විද්යාලවලින් පිට වන වෛද්යවරුන්ගෙන් ප්රතිකාර ලැබීමේ අවදානම පිළිබඳව දැනුවත් කළ බව මෙහිදී අදහස් දැක්වූ වෛද් නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද් සංකල්ප මාරසිංහ මහතා පැවසීය.

Divaina 2011.11.01
http://www.divaina.com/2011/11/01/news08.html


picture preview




No comments:

Post a Comment