Wednesday, February 1, 2012

රට පුරා විසිරී සිටින හොර වෛද්ය/වරුන් අල්ලන මෙහෙයුමක්

2012 ජනවාරි 31 වෙනි අඟහරුවාදා, 03:07
ශ්‍රියානි විජේසිංහ
වැදුම්: 302
රට පුරා විසිරී සිටින හොර වෛද්‍යවරුන් අත්අඩංගුවට ගැනීමට ‍පොලීසිය හා සෞඛ්‍ය අමාත්‍යංශය එක්ව විශේෂ මෙහෙයුමක් ආරම්භ කිරීමට තීරණය කර ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ, ආයුර්වේද වෛද්‍ය සභාවේ හෝ හෝමියෝපති වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොමැති වෛද්‍යවරුන් 40,000ට අධික සංඛ්‍යාවක් රට පුරා විසිරී සිටින බවට මීට වසර පහකට පමණ පෙර ‍පොලීසිය කරන ලද සමීක්ෂණයකදී හෙළි වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ස්නායු ළමා රෝග විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කළේය.

වෛද්‍ය සභාවක ලියාපදිංචි නොවූ පුද්ගලයකු වෛද්‍ය සේවයේ යෙදී සිටියදී අත්අඩංගුවට ගත් විට සුළු දඩ මුදලක් නියම කිරීම දැනට පවතින නීතිය බැවින් එම නීතිය සංශෝධනය කිරීමට අවශ්‍ය යෝජනා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටද සංගමය කටයුතු කරන බවද හෙතෙම කීය.

මීට අමතරව වෛද්‍ය සභාව තුළ ලියාපදිංචි නොවී වෛද්‍ය සේවයේ යෙදෙන වෛද්‍යවරුන්ගේ නම් ජංගම දුරකතන ඔස්සේ කෙටි පණිවුඩ මගින් ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන බවද වෛද්‍ය පාදෙනිය මහතා සඳහන් කළේය.
lakbima

No comments:

Post a Comment