Thursday, January 5, 2012

ජලභීතිකා අවදානමක්‌ ගැන ඇමැති අනතුරු අඟවයි

අජිත් අලහකෝන්
සුනඛ ගහනය ඉහළ ගොස්ඇති නිසා යළි ජලභීතිකා රෝගය හිස එසැවීමේ අවදානමක්ඇතැයි සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (05 දා) සෞඛ් නිලධාරීන්ට දැනුම්දී ඇත. ඇමැතිවරයා ඊයේ (5 දා) කලුතර නාගොඩ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියදී එම රෝහලේ සුනඛයන් ප්රමාණය පෙරට වඩා ඉහළ ගොස් ඇතැයිද වෛද්යවරුන් සහ හෙදියන් විශාල පිරිසක්සුනඛයන්ගේ සපා කෑම්වලට ලක් ඇතැයිද පැමිණිලි ලැබී ඇත.
මේ අවස්ථාවේ එහි සිටි ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා සෞඛ් ඇමැතිවරයාට පවසා ඇත්තේ වරායේ පමණක්අයාලේ යන සුනඛයන් හාර දහසක්පමණ සිටින බවයි.
සුනඛයන් ඝාතනය කිරීම ආණ්ඩුව විසින් නතර කර ඇති නිසා සුනඛ වන්ධ්යාකරණයට හා උපත් පාලන එන්නත් ලබාදීම සඳහා වසරකට සෞඛ් අමාත්යාංශය රුපියල් කෝටි 100 ක්, සුනඛ සපාකෑම් සඳහා ප්රතිකාර කිරීමට වසරකට රුපියල් කෝටි 50 ක් වැය කරන බව සෞඛ් ඇමැති මෛත්රිපාල සිරිසේන මහතා පෙන්වාදී ඇත. දිනකට සුනඛ සපාකෑම් දෙදහසක්පමණ සිදුවන බව මෙහිදී නිලධාරීන්ට දැනුම්දී ඇති ඇමැතිවරයා සුනඛ වන්ධ්යාකරණය සඳහා ගෙන ඇති ක්රියාමාර්ග සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇතැයිද ශ්රී ලංකාව පුරා නැවතත් සුනඛ ගහනය ඉහළ ගොස්ඇතැයිද පවසා ඇත.
මෙය බරපතළ ගැටලුවක් ඇතැයි පවසා ඇති ඇමැතිවරයා සුනඛයන් වර්ධනය වීම නතර කිරීම සඳහා විකල්ප ක්රියාමාර්ගයකට යා යුතු බව පැවසූ බව සෞඛ් අමාත්යාංශයේ නිලධාරියෙක්"දිවයින" ට කීය.

Divaina 2012.01.06
 


No comments:

Post a Comment