Wednesday, January 4, 2012

පොලොන්නරුව රෝහලේ අවුරුදු සාදය ගැන ඇමැති පරීක්‍ෂණයක්‌ ඉල්ලයි

පොලොන්නරුව මහ රෝහලේ ශාලාවක එක්තරා කණ්ඩායමක්මහජනතාවට හිරිහැර වන අයුරින් සාදයක්පැවැත්වීම පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කරන ලෙස සෞඛ් අමාත් මෛත්රිපාල සිරිසේන මහතා සෞඛ් ලේකම්වරයාට උපදෙස්ලබාදී ඇති බව සෞඛ් අමාත්යාංශය නිවේදනය කරයි. එහි මෙසේ සඳහන් වේ.
පසුගිය දෙසැම්බර් 31 දින රාත්රි නව අවුරුදු උදාව නිමිත්තෙන් පොලොන්නරුව මහ රෝහලේ සුබසාධක සංගමය විසින් සාදයක්සංවිධානය කර තිබී ඇත. මෙම සාදයේදී අවට පදිංචි මහජනතාවට සහ වාට්ටුවල රෝගීන්ට හිරිහැර වන අයුරින් කෑකෝ ගසමින්, ගීත ගයමින්, බීමත්ව එම පුද්ගලයන් හැසිරුණු බවට ජනමාධ් වාර්තා කර තිබිණි.
මහජනතාවට හා රෝගීන්ට හිරිහැර වන අයුරින් රෝහල් ශාලාවක එවැනි සාදයක්පැවැත්වීම නීති විරෝධී වන අතර මෙම සිද්ධිය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක්වහාම ආරම්භ කරන ලෙස සෞඛ් අමාත් මෛත්රිපාල සිරිසේන මහතා ඊයේ (3 දා) පෙරවරුවේ සෞඛ් ලේකම් වෛද් රවීන්ද් රුබේරු මහතාට උපදෙස්දී තිබේ.

Divaina 2012.01.04

No comments:

Post a Comment