Wednesday, January 4, 2012

නීති විද්‍යාල ප්‍රවේශයේ වයස්‌ සීමාව ඉවත් කරයි

අකිත පෙරේරා
නීති විද්යාල ප්රවේශය සඳහා වයස අවුරුදු 35 අඩු විය යුතු බවට පනවා තිබූ සීමාව ඉවත් කර ඇත. මේ අනුව එම වයස්සීමාව ඉක්මවූ පිරිස්සඳහා නීති ප්රවේශයට මේ වසරේ (2012) පටන් අවස්ථාව හිමිවන බව මීට නීති අධ්යාපන සභාව අධිකරණය වෙත දැක්වූ එකඟතාව මත අදාළ තීරණයට එළැඹීමට හැකි වූ බව එම අධ්යාපන සභාවේ ප්රකාශකයෙක්"දිවයින" පැවසීය.
.පො.. උසස්පෙළ විභාගයේ ඕනෑම අංශයකින් විෂයන් තුනක්සඳහා සාමාන් සාමාර්ථ සහ සාමාන් පෙළ විභාගයේ සිංහල හෝ දෙමළ භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් ඉංග්රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථයක් සහිත වීම නීති ප්රවේශය සඳහා වන අවම සුදුසුකම්ය.
මීට අමතරව නීති අධ්යාපන සභාව විසින් අනුමත කරන ලද වෙනත් විකල්ප සුදුසුකම් සලකා බැලෙන අතර නීති ප්රවේශය සඳහා පැවැත්වෙන තරග විභාගය මෙම වසරේ (2012) සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
සඳහා වන ලියාපදිංචි කිරීම් ලබන පෙබරවාරි මාසයේදී සිදු කිරීමට නියමිත බව ඉහත ප්රකාශකයා වැඩිදුරටත් පැවසීය.
Divaina 2012.01.04

No comments:

Post a Comment