Wednesday, January 4, 2012

වෛද්‍ය පීඨ ශිෂ්‍යයෝ උද්ඝෝෂණයට සැරසෙති

ඒමන්ති මාරඹේ
ශ්රී ලංකා වෛද් සභාවේ සභාපති ධුරයට මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පත් කිරීම හා මාලබේ පෞද්ගලික වෛද් විද්යාලය සම්බන්ධව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව නිකුත් කිරීම ප්රමාද කිරීමට එරෙහිව දිවයිනේ සියලු වෛද් පීඨ ශිෂ්යයින්ගේ සහභාගිත්වයෙන් ඉදිරියේදී උද්ඝෝෂණ  ව්යාපාර පවත්වන බව වෛද් පීඨ ශිෂ් ක්රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නිලාන් ප්රනාන්දු මහතා ඊයේ (03 දා) පැවැසීය.
මාලබේ පෞද්ගලික වෛද් විද්යාලයට නිත්යානුකූල භාවය ලබා දීමට රජය සරුසෙන මොහොතේදී වෛද් සභාවේ සභාපති ධුරයට මහාචාර්ය ෆොන්සේකා පත් කිරීම දේශපාලන පත්වීමක්බව පෙන්වා දුන් නිලාන් මහතා එම පත්වීම් අවලංගු කර ස්වාධීන ආයතනයක්වන වෛද් සභාවේ සභාපති ධූරයට සුදුසුකම් ඇති වෘත්තිකයකු පත් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
වෛද් සේවාව, හෙද, පරපුරක ඇතුළු වෛද් වෘත්තීන් ගණනාවක්ප්රමිතියකින් යුතුව පවත්වාගෙන යාමේ කාර්යභාරය ඉටු කරන වෛද් සභාවට දේශපාලන පත්වීම් සිදු කිරීමෙන් මාලබේ පෞද්ගලික වෛද් විද්යාලය, විදේශීය වෛද් උපාධිධාරීන් සඳහා පවත්වනු ලබන ඇක්ට්- 16 විභාගය, ලියාපදිංචි හා සහකාර වෛද් නිලධාරීන් පිරිසක්පශ්චාත් වෛද් උපාධි ලබා ගත් බව පවසමින් ලියාපදිංචිය ඉල්ලීම යන කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලුකාර තත්ත්වය සමනය කරනු වෙනුවට බලධාරින්ට වාසිදායී අන්දමින් තීරණ ගැනීමේ තත්ත්වයක්ඇති වනු ඇතැයිද හෙතෙම අවධාරණය කළේය.
කොළඹ ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ ඊයේ (03 දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවක්අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.

Divaina 2012.01.04

No comments:

Post a Comment