Friday, January 6, 2012

කාලෝගේ පත්වීම මතභේදයට.

2012 ජනවාරි 03 අඟහරුවාදා- පස්වරු 12:32
මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කිරීමෙන් ඇති වී තිබෙන්නේ මතභේදකාරී තත්ත්වයක්.  රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මෙන්ම වෛද්‍ය සිසුන් ද එම පත්වීමට විරෝධය පළකරනවා. එහෙත්, එම පත්වීමෙන්  මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට පිළිගැනීමක් ලැබෙනු ඇති බව එහි පලනාධිකාරියේ විශ්වාසයයි.  ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගත් වෛද්‍ය විද්‍යාලයක් ලෙස මේ දක්වා නම් කර නැහැ. එහෙත් මහාචාර්ය කාලෝ ෆොන්සේකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයට පත්වීමත් සමගම එම තත්ත්වය වෙනස් වනු ඇති බවයි මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සමීර සේනාරත්න ප‍්‍රකාශ කළේ.
http://hirunews.lk/sinhala/24582

No comments:

Post a Comment